Thursday, July 28, 2011
සුදු ඇඳගෙන සඳ අවිදින්
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹේ වරදද මගේ වරදද එය මා දන්නේ නැත
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට
නුඹ මා ලොව කලුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට
ගායනය කරුනාරත්න දිවුල්ගනේ මහතා
Subscribe to:
Post Comments (Atom)
මම වැඩිය සින්දු අහන්නේ නෑ, ඒත් පද පෙළ දැක්කම අහලා බලන්න හිතුනා..
ReplyDeleteමං බොහොම ආස ගීතයක්..............
ReplyDelete"නුඹ මා ලොව කලුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට"
ඉස්සර ආසම ටික ඕන් ඕක තමා............
හොඳ අර්ථයක් තියන සිංදුවක් ........
ReplyDeleteහා පැටික්කි වගේම මම හරිම ආසයි අර පද පේළියට, මාත් නිතරම වගේ මුමුණන සින්දුවක් තමයි මේ, හරිම ලස්සනයි..
ReplyDeleteඇත්තටම ලස්සන සින්දුවක් යාළු..
ReplyDeleteයමුනා මාලිනී නේද ලියලා තියෙන්නෙ.ලස්සන සිංදුව.
ReplyDeleteමේක නිකන් දැක්ක ගමන් පේන්නේ "හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට" වගේ... මොනව උනත් ලස්සන සින්දුව
ReplyDelete