Thursday, July 28, 2011

සුදු ඇඳගෙන සඳ අවිදින්


සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹේ වරදද මගේ වරදද එය මා දන්නේ නැත


සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

නුඹ මා ලොව කලුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට



ගායනය කරුනාරත්න දිවුල්ගනේ මහතා

Sunday, July 24, 2011

ගී මිහිර 2



ප්‍රේමයේ මන්දහාසිනී 
යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ 

සීත නලින නිම්නයේ
පාවයයි.... සුන්දරයි, ජිවිතේ..

තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
මා සිතෙ විඩා නිවන්න පෙම් පවන් සලා //
සඳත් වසන් වෙලා.. රැයක් මුදුන්  කළා //
පාවයයි.... සුන්දරයි ජිවිතේ..

මාලතී වනේ රැ‍ඳෙම්ද මල් යහන් තනා
මීවිතෙ අමාපුරම්ද රත් ලවන් පෙළා //
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා //
පාවයයි.... සුන්දරයි ජිවිතේ..

ගේය පද - කරුණාරත්න අබේසේකර...
ගායනය - කරුණාරත්න දිවුල්ගනෙ..
තනුව - රොහණ විරසිංහ



ගීතය බා ගන්න

Monday, June 6, 2011

                                                                                       ජීවිතේ අතර මැද ම්ඟ නැවතුමක
                                                                                           අප දෙදෙනා සිටි බවක්‌ මතක ඇත
                                                                                        ඉතිරි කර සෙනෙහසක මුදු සුවඳ
                                                                                             සිහින මල් පරවේය සිත තුලම

                                                                                          තාරකා නිවී ගිය වෙලාවක 
                                                                                                සඳ නුබට තනිකමක්‌ දැනේවිද ?
                                                                                         හුදෙකලා මේ ගමන නිමාවන දින
                                                                                                     මා ලඟ ඔබ සිටීවිද?

Saturday, May 14, 2011

ගීත මිහිර 1

තාරුකා උයනට ඉහල අහසින්
ඈත ඉදන් හදිස්සියෙන් ඔබ ආවා
ආදරයේ අංශුමාත්‍රයක් ආවා
ආද‍රයේ සිහින දෙව් දූ ඔබ ආවා


ව්‍යාකරණ නැති කැඩී බිදී විසිර  ගිය
භාෂාවක හිර වී ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්


ඇහිපිල්ලමකටවත් අවසරයක්
තිබුනේ නැහැ
හරි හදිස්සිය
ලොබ බැදුනා
‍අගුල්  වැටී

මායාවයි ඔබ 
අසුරු සැනින් මිස යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක් දැන්නේ නැහැ




සුන්දර පද පෙලක් ලිව්වේ කවුදැයි නොදනිමි


ගීතය අහන්න



Sunday, May 8, 2011

පාරමිතා සිහිනය 3

කදුළු පිරුණු දෙනෙත් වලින් හංස දෙස බලා සිටින පාරමීගේ අහිංසක නෙතු දුටු හංසට වෙනදාටත් වඩා අද හද රිදුණි. පාරමීට ලං වෙලා සුරතල් මුහුණ කැත කළ කදුළු කැට හංස හිමින් පිස දැමුවේය.

"සුදු මැණිකේ ම‍ට සමා වෙන්න පුංචි හිත රිද්දුවාට.."


හංස පාරමීගේ නළලතට නළලත තියා දෙකපුල් දොතින් බදා කීවේය.


"මැණිකේ යන්න. හෙ‍ට පෝය සුදු මැණිකේ පන්සල් එනවා නේද?"


පිළිතුරක් නොමැතිව පාරමී දිව ගියද, පාරමීගේ දෑසේ තිබු තතු හංස තේරුම් ගති. අහිංසක පාරමී ම‍ට මොනතරම් ආදරේද යන වග දැනුණු හංස කහා මල් කිණිත්තක් සිප ගත්තේ පාරමී සුවද මෙනෙහි
කරගෙනය.....................



"මම යන්නම් පුංචි මහත්තයා නැන්දා ආවොත් දුවාගන්න බැරිවෙයි" පාරමී සුරතල් වෙමින් කීවාය...


"අනේ අනේ උඩ පැන පැන දුවන්න බැරිම එක්කෙනා" හංස යලින් පාරමී සමග පැටලුනේය... මෙලෙස කතා කීමෙන් පාරමීව අවුස්සාගෙන හංස ව්නොද වෙයි...


කිසිති නොකී පාරමී.. හංස දෙසට දිව උළුක් කොට වත්ත කෙලවරට දිව ගියාය... 


සුදුමෑණික තරහා නෑ නේද...... හංස කෑ ගසා ඇසුවේය. පාරමී ඉද්ද ගසා නැවතී දබර ඇගිල්ල මුවට තබා සන් කලාය...


පාරමී නොපෙනී ගිය පසු හංස සිසිල් ලිං දිය සහස විදිමන් සිතුවේ පාරමී ගැනයි.. 



Tuesday, April 26, 2011

සිහිනය


මන්දාරම් අදුරට හීනැහීගෙන
මල් වරුසාවේ තෙමුණි සනීපෙට
මෙඝ ගර්ජනා කුණාටු සුළගේ
විසිරිණි සිහිනය නොසිතු නිමේෂෙක


අත්තටු සිතගත් විහගිනියක ලෙස
මහ වරුසාවේ තනිව තෙමෙමි මම
අනන්තයේ දුර සිහින ඉසව්වට
කැදවාගෙන යන්නට එන තුරු ඔබ

Monday, April 25, 2011

පාරමිතා සිහිනය 3


වැරදි කරන්න හොදයි කිනකොට විසයි නේ...........ඉතින් දැන් නාඩ ඉන්න ආදරේටනේ එහෙම කිවු‍‍ෙවි........" හංස පාරමීගේ කදුලු පිසිමින් කීවේය.

පුංචි මහත්තයාගේ හිත් පතුලෙන්ම ආ එම වදන් පෙළපාරමිගේ පපු කුහරයෙ ගැඹුරුම තැනට කාවැදිනි....

කොහොමද දෙවියනේ මන් හිතන්නේ ඔයා මට ලැබෙයි කියලා.....ජිවිතේ දි මම මගේ කියලා දෙයක් ආදරේන් තුරැලු කර ගන්න වාරයක් පාසා එවා මගෙන් ඈතට යනවා......
අනේ පුංචි මහත්තයෝ ඔයා මට මහා ධනස් කන්දයක් වගේ කොහොමද රතත්තරනේ මං හිතන්නේ මට ඔයා ලැබෙයි කියලා.
පෙර අතිත මතක සටහන් පාරමිගේ සිතෙහි ඇදෙන්නට විය....

"මොකද ඒ පාර ගල් ගිලලා වගේ..." පාරමි බර කල්පනාවකට වැටෙනු දැක හංස ඇගේ කනට කොදුරා විමසුවේය.... පාරමි ගැස්සි හංස දෙසට හැරිනි ....

"නැහැ මුකුත් නැහැ පුංචි මහත්තයා...පාරමී මුහුණ සගවා ගිනිම්න් කීවාය..

"නැත්තේ නැහැ සුදු මැණිකේ.. මුණ වෙනස් උනා...." හංස හැගිම්බරව පාරමීගේ සිරුරට වත්තන් විය...... පාරමි වාහා ඔහුගෙන් මිදී පසෙකට වුවාය....
"නැන්දා කැමති නැහැ හංසයියේ ඔයා ඉන්න දවසට මම එහේ එනවට...අපි දෙන්නා මෙතන දැක්කොත් ඉවරයි” පාරමී රහසින් මිමිණුවේ හංසගේ නිවස දෙස ඉස්සී බලමිනි.
“දැන් ඔය දුවන්නද යන්නේ සුදු මැණිකේ.... ඔහෙම ඉන්න මම ඊයෙ රැ මරු හිනයක් දැක්කා...ඒක අහලා යනවා..” හංස ඉගිමරමින් කීය.
“ඉක්මනට කියන්න සියා මාව හොයයි....” පාරමි බොරු හදිස්සියක් මවමින් කිවාය.
“හදිස්සිනම් යනවා.. “ හංස සුපුරුදු ලෙස කේන්ති ගත්තේය.... පාරමිගේ ඇස්වල කදුලු පිරිණි....